රටේ පවතින ආර්ථික තත්ත්වය තවදුරටත් බරපතළ හා උග්‍ර අතට හැරීමට පෙර, ඊට කඩිනම් ජාතික විසඳුම් සකස් කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි ‘සර්ව පාක්ෂික සමුළුවක්’ කැඳවන ලෙස විපක්ෂය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් නිල ඉල්ලීමක් කිරීමට තීරණය කර තිබේ.
සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා ඇත.
රුපියල වේගවත්ව අවප්‍රමාණය වීම, ජීවන වියදම ඉහළ යාම සහ ආර්ථික අවිනිශ්චිතතාව වැඩිවීම යන කරුනු පක්ෂ දේශපාලනයකින් තොරව අවදානයට ලක්කළ යුතු ගැටලු බව ඔහු වැඩිදුරටත් මෙහි සඳහන් කර තිබේ.
