Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉදිරි පැය 24 තීරණාත්මකයි! කැලණි ගඟ ආශ්‍රිත ජනතාවටත් දැනුම්දිමක්!

6 months ago

කැලණි ගඟ ද්‍රෝණිය ආශ්‍රිත ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට මේ වන විට ලැබෙමින් පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ඉදිරි පැය 24 ක කාලය තුළ කැලණි ගඟ පිටාර ගොස් සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ එම කාලය තුළ රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, දෙහිඕවිට, ඇහැළියගොඩ, යටියන්තොට, බුලත්කොහුපිටිය ප්‍රදේශ ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවය.

කැලණි ගඟ ද්‍රෝණිය ආශ්‍රිතව ඉහළ ධාරා ප්‍රදේශවලට මේ වන විට මිලිමීටර් 300කට ආසන්න සැලකිය යුතු වර්ෂාපතනයක් වාර්තා වී ඇති බවත් ඒ අනුව එම වර්ෂා තත්ත්වය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් කැලණි ගඟ දෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංගා ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය කිරීමේදි ඉදිරි පැය 24 තුළ මෙම සුළු ගංවතුර තත්ත්වය ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබේ.

මේ හේතුවෙන් එම ප්‍රදේශ ආශ්‍රිතව පදිංචි මහජනතාව මෙන්ම එම මාර්ග භාවිත කරන රියදුරන් මෙන්ම මගීන්ද මේ සම්බන්ධව අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙසද වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.