Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අත්තනගලු ඔය ආශ්‍රිත ජනතාවට දැනුම්දිමක්

6 months ago

ඊයේ (21) රාත්‍රියේ සිට දිවයිනේ ප්‍රදේශ රැසකට ඇදහැලෙන අධික වර්ෂාපතනය හමුවේ අත්තනගලු ඔය ද්‍රෝණිය ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ, ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර මහතා ප්‍රකාශ කළේ පවතින සක්‍රීය කාලගුණික තත්ත්වය හේතුවෙන් ගංගා ද්‍රෝණි කිහිපයකම ජල මට්ටම් මේ වන විට සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවයි.

විශේෂයෙන්ම අත්තනගලු ඔය ද්‍රෝණියේ පිහිටි දූනමලේ මිනුම් මධ්‍යස්ථානයේ දත්තවලට අනුව, එම ප්‍රදේශයට මිලිමීටර් 200 ඉක්මවූ වැසි වාර්තා වී ඇති අතර, ඉහළ ද්‍රෝණියේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 250 ඉක්මවූ තද වැසි ඇදහැලී තිබේ. ඇතැම් කලාපවල සමස්ත වර්ෂාපතනය මිලිමීටර් 200 ත් 300 ත් අතර (200-300 mm) වාර්තාගත ඉහළ අගයක් ගෙන ඇත.

මේ හේතුවෙන් අත්තනගලු ඔය සහ ඒ අවට ඇති කුඩා ඇළ මාර්ග පිටාර ගැලීම නිසා පහත සඳහන් ප්‍රදේශවල පහත්බිම් ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි:

  • ගම්පහ
  • කටාන
  • වත්තල