දිවයින පුරා පවතින සක්‍රීය කාලගුණික තත්ත්වය හේතුවෙන් කළු ගඟ ද්‍රෝණිය ආශ්‍රිතව ඉදිරි පැය කිහිපය තුළ සුළු ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිල වශයෙන් නිවේදනය කරයි.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් නඩත්තු කරනු ලබන ජල මාපක දත්ත විශ්ලේෂණය අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කුරුවිට, අයගම, ඇලපාත, කිරිඇල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා කළු ගඟ පිටාර තැන්නට අයත් පහත්බිම්වලට ඉදිරි පැය කිහිපය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවය.
මේ හේතුවෙන් ඉහත සඳහන් කරන ලද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කළු ගඟ දෙපස සහ පහත්බිම් කලාපවල පදිංචි මහජනතාව මේ පිළිබඳව දැඩි සැලකිල්ලකින් කටයුතු කළ යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
