Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඩෙංගු රෝගීන්ගේ සීඝ්‍ර වර්ධනයක්! රෝහල් ධාරිතාව ඉක්මවා යන ලකුණු!

6 months ago

දිවයින පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු රෝගය හේතුවෙන් මේ වනවිට දිවයිනේ රෝහල් රැසක ධාරිතාව ඉක්මවා යමින් පවතින බවට සෞඛ්‍ය අංශ දැඩි අනතුරු ඇඟවීමක් සිදු කරයි.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා පෙන්වා දෙන්නේ, මෙම වසරේ ගතවූ කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 35,228ක් වාර්තා වී ඇති බවයි. මෙය පසුගිය වසරට සාපේක්ෂව 30%ත් 40%ත් අතර කැපී පෙනෙන වර්ධනයකි. පසුගියදා බලපෑ ‘දිට්වා’ සුළිකුණාටු තත්ත්වය හේතුවෙන් ඇතිවූ අධික වර්ෂාපතනය සහ දිවයිනට බලපෑ විටින්විට ලැබෙන වර්ෂාපතනය මෙම ශීඝ්‍ර ව්‍යාප්තියට ප්‍රධානතම හේතුව වී තිබේ.

මේ වනවිට දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකින්ම ඩෙංගු රෝගීන් වාර්තා වන අතර, රෝග ව්‍යාප්තිය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතු කරුණු කිහිපයක් සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි:

  • සමස්ත රෝගීන්ගෙන් 50%ක්ම වාර්තා වන්නේ බස්නාහිර පළාතෙනි.
  • රෝගීන්ගෙන් 80%ක්ම කොළඹ, ගම්පහ, රත්නපුර, මාතර, ගාල්ල සහ මහනුවර යන ප්‍රධාන දිස්ත්‍රික්ක 6න් වාර්තා වී ඇත.

ඊයේ (05) දිනයේදී තවත් ඩෙංගු මරණයක් වාර්තා වීමත් සමග, මෙම වසර තුළ සිදුවූ සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 20 දක්වා ඉහළ ගොස් තිබේ. මෙම මියගිය පිරිස අතරට කාන්තාවන් බහුතරයක් (12 දෙනෙකු) අයත් වන අතර, ඊට අමතරව පිරිමි පුද්ගලයන් පස් දෙනෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ද ඒ අතර වෙති.