Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බිරිඳගේ පහරදීමෙන් සැමියා මරුට

5 months ago

හොරණ, අරඹකන්ද ප්‍රදේශයේදී නිවසක් තුළ ඇති වූ පවුල් ආරවුලක් දුරදිග යාමෙන් බිරිඳ විසින් තියුණු ආයුධයකින් පහර දී සිය සැමියාව ඝාතනය කර ඇති බවට පුවතක් වාර්තා වේ. මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අරඹකන්ද ප්‍රදේශයේම පදිංචිව සිටි 49 හැවිරිදි පුද්ගලයෙකි.

පොලීසිය විසින් සිදු කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, අදාළ යුවළ අතර නිවස තුළ ඇති වූ බහින්බස් වීමක් අතරතුරදී කෝපයට පත් බිරිඳ විසින් තියුණු ආයුධයක් උපයෝගී කරගනිමින් මෙම පහරදීම සිදුකර ඇති බවයි. පහරදීම හේතුවෙන් බරපතළ තුවාල ලැබූ සැමියා එම ස්ථානයේම මියගොස් තිබේ.

මේ වන විට ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීම සඳහා සිද්ධිය වූ ස්ථානයේම පොලිස් ආරක්ෂාව යටතේ තබා ඇත. සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් කරුණු අනාවරණය කර ගැනීම වෙනුවෙන් හොරණ පොලීසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු ක්‍රියාත්මක කරමින් පවතී.