Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හෙට ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක්

5 months ago

උඩවලව නගරය සහ ඒ අවට ප්‍රදේශ කිහිපයකට හෙට (17 වැනිදා) බදාදා දින පැය 13ක කාලයක් ජල සැපයුම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

උඩවලව ජල සම්පාදන යෝජනා ක්‍රමයේ (Udawalawe Water Supply Scheme) සිදුකිරීමට නියමිත අත්‍යාවශ්‍ය සහ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම තාවකාලික ජල සැපයුම් අත්හිටුවීම සිදුකෙරෙන බව ජල මණ්ඩලය පවසයි.

ඒ අනුව හෙට බදාදා පෙරවරු 9.00 සිට එදින පස්වරු 10.00 දක්වා පැය 13ක කාලයක් පහත සඳහන් ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත:

  • උඩවලව නගරය
  • RET නගර සීමාව ආශ්‍රිත සියලුම ප්‍රදේශ

මෙම ජල කප්පාදුව හේතුවෙන් අදාළ කාලය තුළ පාරිභෝගිකයින්ට සිදුවන අපහසුතාව පිළිබඳව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සිය කණගාටුව පළ කර සිටියි. එම නිසා, නඩත්තු කටයුතු සිදුවන කාලය තුළ භාවිතය සඳහා අවශ්‍ය ජලය කලින්ම රැස්කර තබාගන්නා ලෙසත්, ජලය අරපිරිමැස්මෙන් හා අත්‍යාවශ්‍ය කටයුතු සඳහා පමණක් භාවිත කරන ලෙසත් මණ්ඩලය ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.