Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

5 months ago

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. 

ඒ, අද (18) පස්වරු 1.00 සිට හෙට (18) පස්වරු 1.00 දක්වා වලංගු වන පරිදිය. 

එම නිවේදනයට අනුව මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 සිට 60 දක්වා වැඩි වන අතර එම ප්‍රදේශ විටින් විට රළු විය හැකිය. 

එම නිසා නාවික සහ ධීවර ප්‍රජාවන් මේ පිළිබඳ අවදානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටියි.