Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගාල්ල, මහමෝදර පැරණි රෝහල් පරිශ්‍රය නව බන්ධනාගාරයක් ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක්

4 months ago

ගාල්ල, මහමෝදර ප්‍රදේශයේ නව බන්ධනාගාරයක් පිහිටුවීමට නියම කරමින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

බන්ධනාගාර ආඥාපනතේ 2 වන වගන්තිය යටතේ අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව නිකුත් කළ මෙම ගැසට් නිවේදනයට අනුව, “මහමෝදර” නමින් හැඳින්වෙන මෙම නව බන්ධනාගාරයේ බලප්‍රදේශය සමස්ත ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි නියම කර ඇත.

අධිකරණ අමාත්‍යාංශය ප්‍රකාශ කළ පරිදි, වසාදමා ඇති මහමෝදර රෝහලේ කොටසක් උපයෝගී කරගනිමින් තාවකාලික පදනමක් මත මෙම නව බන්ධනාගාරය පවත්වාගෙන යෑමට සියලු කටයුතු සූදානම් කර තිබේ.