Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සති අන්තයේ කාලගුණය

4 months ago

ඌව පළාතේ සහ අම්පාර, මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක අද පස්වරු 2:00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව පළාතේත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ද, බස්නාහිර, වයඹ පළාත් සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ද ඇති විය හැකි අතර සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක් පවතිනු ඇත.

එමෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්, උතුරු-මැද පළාත ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක විටින් විට පැයට කිලෝමීටර් 40 – 50 ක පමණ තද සුළං ඇති විය හැකි බව ද දෛනික කාලගුණ අනාවැකියේ සඳහන් වේ.