මදුරු දෂ්ටනයෙන් ආරක්ෂා වීම සඳහා පෙර පාසල් දරුවන්ට ද අත්පා ආවරණය වන පරිදි සුදුසු ඇඳුමකින් සරසවා පෙර පාසල් සඳහා යොමු කරන ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය දෙමව්පියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.
අද (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මුල් ළමාවිය ජාතික සතිය සැමරීම පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරිය මෙම කරුණු අවධාරණය කළාය.
පාසල් දරුවන් අතර ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු රෝග ව්‍යාප්තිය අවම කිරීමේ අරමුණින්, අත්පා ආවරණය වන පරිදි සුදුසු ඇඳුමකින් සැරසී පාසල් පැමිණීමට අවසර ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය මීට පෙර තීරණය කර තිබුණි. ඒ අනුව මේ වනවිටත් දිවයිනේ සියලුම පාසල් සිසුන්ට එම අවස්ථාව හිමිව ඇත.
අධ්‍යාපන අමාත්‍යාංශයේ එම තීරණයට සමගාමීව, පෙර පාසල් දරු දැරියන් ද මදුරු දෂ්ටනයෙන් ආරක්ෂා කර ගැනීම උදෙසා සුදුසු පරිදි අත්පා සම්පූර්ණයෙන් ආවරණය වන ඇඳුමකින් සරසවා පෙර පාසල් වෙත යොමු කිරීමට කටයුතු කරන මෙන් අමාත්‍යවරිය මෙහිදී සියලුම දෙමව්පියන්ට වැඩිදුරටත් දැනුම් දී සිටියාය.
