නැගෙනහිර පළාතේ සිදු වූ බව කියන පස් පුද්ගල මනුෂ්‍ය ඝාතන සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගෙන සිටින නැඟෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.
මෙම නඩුව අද දිනයේදී කැඳවූ අවස්ථාවේදී, සැකකාර පිල්ලෙයාන්ව වීඩියෝ තාක්ෂණය ඔස්සේ මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ලැබීය.
එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මඩකලපුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියේ, අදාළ සැකකරු එළඹෙන ජූලි මස 24 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ රඳවා තැබීමටයි.
