මෙම වසරේදී වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගෙන් 88% කට වැළඳී ඇත්තේ ඩෙංගු 2 වෛරස් ප්‍රභේදය බව ජාතික ඩෙංගු මර්දන ඒකකය අද (18) අනාවරණ කළා.
කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් එහි වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර කියා සිටියේ, ඒ සඳහා මිනිස් සිරුර තුළ ඇති ප්‍රතිශක්තිකරණය අඩු මට්ටමක පවතින බවයි.
මේ අතර, මේ වසරේ ජනවාරි මාසයේ සිට ජුනි මාසය දක්වා කාලය තුල තම වාසස්ථාන අවට පරිසරයේ මදුරුවන් බෝවීමට හිතකර තත්ත්වයන් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් දැනටමත් නඩු 4,672 ක් පැවරීමට කටයුතු කර ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.
