Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මාතර ඩිෆෙන්ඩර් අනතුරින් මියගිය ගණන ඉහළට

4 months ago

මාතර, වැල්ලමඩම ප්‍රදේශයේදී අද (19) සවස ඩිෆෙන්ඩර් රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරින් මියගිට ගණන දෙදෙනෙක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම, තවත් 05 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව‍යි මාතර පොලිසිය සඳහන් කරන්නේ.

මාතර දෙස සිට තංගල්ල දෙසට ධාවනය වෙමින් තිබූ ඩිෆෙන්ඩර් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් එනම් තංගල්ල දෙස සිට මාතර දෙසට ධාවනය වූ සිමෙන්ති ප්‍රවාහන ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 37 හැවිරිදි සහ 36 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.

මෙම අනතුරින් ඩිෆෙන්ඩර් රථයේ ගමන් කළ තවත් සිව්දෙනෙකු (04) සහ සිමෙන්ති පැටවූ ලොරි රථයේ රියදුරු සහ සහායකයා තුවාල ලබා මාතර මහ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

එමෙන්ම, තුවාල ලැබූවන් අතරින් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

එමෙන්ම, අනතුරට පත් ඩිෆෙන්ඩර් රථය කුලී පදනම මත ලබාගත් එකක් බවට පොලිසිය වෙත තොරතුරු ලැබී ඇති අතර, අනතුර හේතුවෙන් එම රථයට දැඩි අලාභහානි සිදුව තිබෙනවා.