Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගුරු බඳවා ගැනීමේ ක්‍රමවේදයේ වෙනසක්! මෙරට පවත්වන අවසන් ගුරු විභාගය දෙසැම්බරයේ! ගුරු වෘත්තීයට අලුතින් 26,000ක්!

4 years ago

මින් ඉදිරියට විද්‍යාපීඨවලින් අභ්‍යාසලාභී ගුරුවරුන් බිහිවීම වෙනුවට නව විශ්වවිද්‍යාලයක් ඇති කර ඉන් වසර 4ක උපාධිය සහ ගුරු පුහුණුව සහිත ගුරුවරුන් බිහිකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කළා. 
 
ඔහු කියා සිටියේ දැනට පවතින විද්‍යාපීඨ 19 ම එකතු කර ජාතික අධ්‍යාපන විද්‍යාලය නමින් විශ්වවිද්‍යාලයක් පිහිටුවන බවයි. 
 
ඒ හරහා වසර 4ක උපාධියක් සහ ගුරු පුහුණුවෙන් පසු ගුණාත්මකභාවයෙන් යුතු ගුරුවරුන් පන්ති කාමරයට යවන බව ද අමාත්‍යවරයා කියා සිටියා.

දෙසැම්බර් මාසයේ මැද භාගයේ දී දිප ව්‍යාප්ත මට්ටමින් පොදු විභාගයක් පවත්වා දැනට රාජ්‍ය සේවයේ සිටින අභ්‍යාසලාභී උපාධිධාරීන්, ගුරු සේවයට බඳවා ගැනීම සඳහා කටයුතු කරන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මීට පෙර පාර්ලිමේන්තුවේ දී පැවසීය. එය මෙරට පවත්වන අවසන් ගුරු විභාගය බවයි ඒ මහතා සඳහන් කළේ.

එහි දී අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ගුරුවරු 26,000ක් බඳවාගැනීමට කටයුතු කරන බවය.

පොදු විභාගයේ ලකුණු සහ ව්‍යූහගත සම්මුඛ සාකච්ඡා මඟින් අදාළ බඳවාගැනීම් සිදුකිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා කියා සිටියේය.