Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මගේ පුතාට තියෙන චෝදනාවලට කිසිම සාක්ෂියක් නැහැ – ශාන්ත බණ්ඩාර

4 months ago

තමන්ගේ පුත්‍රයා මුදල් කොල්ලකෑමේ චෝදනාවට අදාළව කිසිදු ඔප්පු කළ හැකි සාක්ෂියක් නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසනවා.

ශාන්ත බණ්ඩාර මහතා මෙම අදහස් පලකළේ ඔහුගේ පුත් අනුද ජනාදිත් බණ්ඩාර ඇතුළු සැකකරුවන් 5 දෙනා ඇප මත මුදා හැරීමෙන් අනතුරුව අධිකරණයෙන් පිටතට පැමිණ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

තමන් සක්‍රීය දේශපාලනයේ නියැලෙන බැවින් තමන්ගේ පුත්‍රයා ඉල්ලක්ක කරගෙන පසුගිය දින කිහිපය පුරාවටම සමාජ මාධ්‍ය ඔස්සේ හා විවිධ මාධ්‍යයන් ඔස්සේ විශාල වශයෙන් අසත්‍ය ප්‍රවෘත්ති වාර්තා කර තිබූ බව ශාන්ත බණ්ඩාර මහතා පවසනවා.

සිදුවීම සම්බන්ධයෙන් පොලීසිය විසින් දීර්ඝ විමර්ශනයක් සිදුකර තිබීම යහපත් තත්ත්වයක් බවත් වරදක් කර ඇත්නම් ඕනෑම අයෙකු දඩුවමට යටත්විය යුතු බවත් මෙහිදී ශාන්ත බණ්ඩාර මහතා පෙන්වා දෙනවා.

එමෙන්ම අධිකරණය පිළිබදව තමන් දැඩිව විශ්වාස කරන බවත් සත්‍ය කෙසේ හෝ ජයගන්නා බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් සදහන් කළා.

චීන ජාතිකයෙකුගෙන් රුපියල් කෝටි 02ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියකට සැකපිට හිටපු අමාත්‍යවරයාගේ පුත් ඇතුළු සැකකරුවන් 5 දෙනෙකු පසුගිය 21 වැනිදා අත්අඩංගුවට ගනු ලැබුවා.