Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නිදා සිටි අවුරුදු එකහමාරක බිළිඳා සමගිපුර මහල් නිවාස සංකීර්ණයේ උඩු මහලෙන් බිමට දමලා

4 years ago

කොළඹ ග්‍රෑන්ඩ්පාස් සමගිපුර තට්ටු නිවාස සංකීර්ණයේ තුන්වන මහලේ ජනේලයකින් කුඩා දරුවකු ඉවතට විසි කිරීමෙන් බිමට වැටී මියගොස් තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු එකහමාරක් වන කුඩා පිරිමි දරුවෙක් බවයි.

සිදුවීම සම්බන්ධයෙන් එම දරුවාගේ මවගේ වැඩිමහල් සොහොයුරා අත්අඩංගුවට ගෙන ඇත.

දරුවා නිදා සිටියදී පැමිණ ඇති මෙම සැකකරු නිදා සිටි දරුවා ජනේලයෙන් ඉවතට විසිකර ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත.

බිරිදගෙන් වෙන්වී සිටින මෙම පුද්ගලයා මානසික රෝගයෙන් පෙළෙන බවත් ඒ සඳහා ප්‍රතිකාර ගනිමින් සිටින බවද පොලීසිය හෙලි කරගෙන ඇත.