ලබන සතියේ සිට සෑම රාජ්‍ය සේවකයෙකුම අදාළ ආයතනයේ ප්‍රතිපත්ති මත නිල ඇඳුමින් සැරසී සේවයට වාර්තා කළ යුතු බව පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා.
ඊට අදාළ චක්‍රලේඛය ලබන සතියේ නිකුත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
මේ අතර, කොරෝනා කාලසීමාව තුළ රාජ්‍ය සේවකයන්ගේ පහසුව සඳහා නිකුත් කළ චක්‍රලේඛය අහෝසි කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනද අද (26) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
