Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බත් කන්න පොල්ගෙඩියක් අහුලන්න ගිය 21 හැවිරිදි තරුණයා විදුලිසැර වැදී මරුට

4 years ago

රාත්‍රී ආහාරවේල සකස් කිරීම සඳහා පොල් ගෙඩියක් ඇහිඳීමට ගිය තරුණයෙකු විදුලිසැර වැදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ මහනුවර, කුණ්ඩසාලේ විදුරගේවත්ත ප්‍රදේශයේ පිහිටි බොහෝ අගහිඟකම්වලින් පිරි නිවසකිනි.
 
එම නිවසේ පදිංචිව සිටියේ පියා, වැඩිමහල් පුතු සහ බාල දියණියයි.

මව හැරගොස් ඇති මෙම නිවසේ පියාට කලාතුරකින් ලැබෙන කුලී වැඩකින් අඩුපාඩු සපුරා ගෙන තිබුණි.

ඔවුන්ට ඊයේ (25) රාත්‍රී වේල සරිකරගන්නට අවශ්‍ය ප්‍රමාණවත් අමුද්‍රව්‍ය මුළුතැන්ගෙයි තිබී නොමැත.

බත් මුට්ටිය ලිපේ තැබූ පවුලේ වැඩිමහල් පුතු රාත්‍රී 8.30 ට පමණ නිවසින් බැහැරට යාමට තීරණය කර තිබුණේ, අසල ගෙවත්තේ තිබූ පොල් ගසකින් පොල් ගෙඩියක් බිමට වැටුණු බවට වූ ශබ්දය ඇසීමෙනි. 

සිය නැගණිය සමග නිවසින් බැහැරට ගිය මේ තරුණයා මෙම ගමන සිය අවසන් ගමන බව කිසි ලෙසකින්වත් නොසිතන්නට ඇති.

නිවසින් බැහැර වී මිනිත්තු කිහිපයක් ගතවෙද්දී ඔහු එක්වරම බිම ඇඳ වැටී තිබුණේ විදුලි සැර වැදීම හේතුවෙනි.

තරුණයා අනපේක්ෂිත ලෙස ගැටී තිබුණේ එම ප්‍රදේශයේ පිරිසක් ඌරන් සඳහා ඇටවූ විදුලි රැහැනකය.

විදුලි සැර වැදීමෙන් තරුණයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී ඇත.

මෙලෙස ජිවීතක්ෂයට පත්වුණේ 21 හැවිරිදි රාජ් කුමාර් නම් තරුණයාය.