Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ප්‍රදේශ කිහිපයකට අද මි.මී. 100 ඉක්ම වූ ලොකු වැස්සක්

2 years ago

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් හෝ රාත්‍රි කාලයේදි තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර, සහ උතුරු මැද පළාත්වලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

අන්තර් නිවර්තන අභිසාරි කලාපය සක්‍රීය වීමෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට මේ දිනවල වැසි ඇද හැලෙනවා.