Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

WhatsApp ඔස්සේ ඇති වූ ගැටුම වෙඩිල්ලකින් නිම වෙයි

1 year ago

අද (28) මීගමුව, තලාදූව ප්‍රදේශයේ දී වෙඩිතැබීමක් සිදුව තිබේ.

පෞද්ගලික හේතුවක් මුල්කර ගනිමින් ඇති වූ ආරවුලක් මත මෙම වෙඩිතැබීම සිදුව ඇතැයි වාර්තා වේ.

පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් වෙඩි තැබීම සිදුකර ඇති අතර, එහිදී කිසිවෙකුට හානියක් සිදුව නොමැති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ. 

කෙසේවෙතත් මීගමුව පොලීසිය විසින් අදාළ පුද්ගලයින් දෙදෙනාව අත්අඩංගුවට ගෙන ඇති අතර, ගිනිඅවියට නීත්‍යානුකූල බලපත්‍රයක් ඇති බවත් හෙළිදරව් වී තිබේ.

මොවුන් දෙදෙනා වට්සැප් ඔස්සේ බැනවදිමින් ආරවුලක් ඇති කරගෙන ඇති අතර පසුව අද දහවල් හමුවූ අවස්ථාවේදී එක් පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර තිබෙනවා.