Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සෞඛ්‍යාරක්ෂිතව පලතුරු ඉදවීමේ නව කුටීරයක් අනුරාධපුරයේදී විවෘත කෙරේ

2 days ago

සෞඛ්‍යාරක්ෂිතව පලතුරු ඉදවීමේ ක්‍රම හඳුන්වාදීමේ ව්‍යාපෘතිය යටතේ අනුරාධපුර නගරයේ ඉදිකරන ලද පලතුරු ඉදවීමේ කුටීරය කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා විසින් පසුගියදා විවෘත කරනු ලැබීය.

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනයේ සංවර්ධන ව්‍යාපෘති යටතේ මෙය ක්‍රියාත්මක කෙරේ. ආහාරවල තත්ත්ව පරීක්ෂාව, ගුණාත්මක ආහාර නිෂ්පාදනය සහ ප්‍රමිති සහතික නිකුත් කිරීම ආදී කාර්යයන්හි නිරත වන එම ආයතනය හරහා, ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමේ අරමුණින් මෙම වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

පසු අස්වනු හානිය අවම කර ගනිමින් පලතුරු ප්‍රවාහනය කිරීම සඳහා ප්‍රදේශයේ පලතුරු වෙළෙඳ ව්‍යාපාරිකයන් වෙත ප්‍රවාහන කූඩ බෙදාදීමක් ද මෙහිදී සිදු කෙරිණි.