දිවයින පුරා රජයේ පාසල් වලට නව ගුරුවරුන් බදවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා තේරාගෙන ඇති උපාධිධාරීන්ට තමා සේවය කිරීමට කැමැත්තක් දක්වන පුරප්පාඩු පවතින පාසැල් තේරීමට අද සිට අවස්ථාව ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළා.
ඒ අනුව අධ්‍යාපන අමාතයාංශයේ නිල වෙබ් අඩවියට පිවිස සම්මුඛ පරික්ෂණ කැදවිමේ ලිපියේ ඇති මුරපදය යොදා ඔන්ලයින් ක්‍රමයට එම තේරීම් සිදුකළ හැකියි.
කෙසේවෙතත් මේ දක්වා එම ලිපිය ලැබී නොමැති නම් එම ලිපිය ලැබෙනතුරු මෙම පද්ධතියට පිවිසීමට හැකියාවක් නොමැති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.
