ශ්‍රී ලංකාවේ පෞද්ගලික සෞඛ්‍ය ක්ෂේත්රයේ ප්‍රථම වරට ළමා අක්මා බද්ධ කිරීමේ සැත්කමක් සාර්ථකව සිදු කළ බව වත්තල හේමාස් රෝහල පවසනවා.
මේ හරහා දරුණු අක්මා රෝගවලින් පෙළෙන දරුවන්ට විදේශගත නොවී මෙරටදීම සංකීර්ණ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමේ අවස්ථාව තවදුරටත් පුළුල් වනවා.
මහාචාර්ය මෙරන්ති ප්‍රනාන්දු සහ මහාචාර්ය රොහාන් සිරිවර්ධන ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන විශේෂඥ වෛද්‍යවරුන් 12 දෙනෙකු මෙම සැත්කම සඳහා දායක වී තිබෙනවා.
නවීන ශල්‍ය උපකරණ, විශේෂිත දැඩි සත්කාර පහසුකම් සහ පැය 24 පුරා වෛද්‍ය අධීක්ෂණය යටතේ මෙම ප්‍රතිකාර වැඩසටහන ක්‍රියාත්මක වන බවයි රෝහල සඳහන් කළේ.
හේමාස් රෝහල් සහ රසායනාගාර සමූහයේ කළමනාකාර අධ්යක්ෂ ආචාර්ය ලකිත් පීරිස් සඳහන් කළේ, මෙම සැත්කම මෙරට සෞඛ්‍ය ක්ෂේත්රයේ ඉදිරි ගමනට වැදගත් සන්ධිස්ථානයක් වන බවයි.
මෙවැනි සංකීර්ණ සැත්කම් සඳහා මෙරටදීම පහසුකම් සැලසීම තුළින් රෝගී දරුවන්ගේ පවුල් මුහුණදෙන මූල්‍යමය සහ මානසික පීඩනය අවම කිරීමට ද හැකි වන බව රෝහල පෙන්වා දෙනවා.
