Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දිලිත් ජයවීර දෙරණෙන් හා අරුණෙන් ඉවත් වෙයි

3 years ago

ප්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර ඔහුගේ සභාපතිත්වය සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වය දරණ සියලු සමාගම්වලින් ජනවාරි පළමුදා සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස් වී ඇතැයි වාර්තා වෙනවා.

දෙරණ නාලිකාව පවත්වාගෙන යන පවර් හවුස් සමාගම සහ අරුණ පුවත්පත පවත්වාගෙන යන ලිබර්ටි පබ්ලිෂර්ස් ඇතුළු සමාගම් 24කින් ඔහු ඉල්ලා අස් වී තිබෙනවා.

මෙම ඉල්ලා අස්වීමට හේතුව මව්බිම ජනතා පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට ඔහු ගෙන ඇති තීරණය බවයි වාර්තා වන්නේ. මේ වන විට ඔහු ව්‍යාපාර ලෝකයෙන් ඈත්ව පූර්ණකාලීන දේශපාලනයට යොමුව සිටින බවයි කියැවෙන්නේ.