ප්‍රකට ලයිකා මොබයිල් සමාගමේ සහ ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ සභාපතිවරයා වන අලි රාජා සුභාස්කරන් මහතාගේ මැදිහත්වීමෙන් එළඹෙන ජනාධිපතිවරණයට දෙමළ ඩයස්පෝරාවෙන් නියෝජිතයෙකු තරග කිරීම සඳහා ඉදිරිපත් කිරීමේ උත්සහයක් පවතින බවට පළවන පුවත්වල කිසිදු සත්‍යතාවයක් නොමැති බව එම සමාගම් අවධාරණය කරනවා.
එම සමාගම් පෙන්වා දෙන්නේ එය හිතාමතාම නිර්මාණය කර පළ කරන ලද අසත්‍ය පුවතක් බවයි.
ඉදිරි ජනාධිපතිවරණයේදී දෙමළ ඩයස් පෝරාවේ අනුග්‍රහය ලබන දමිළ අපේක්ෂකයෙකු ඡන්ද සටනට ඉදිරිපත් කිරීමට ප්‍රබල ව්‍යාපාරිකයෙකු වන අලි රාජා සුභාස්කරන් මහතා කටයුතු කරමිින් සිටින බවට වන පුවතක් පසුගියදා පුවත්පතක පළ කර තිබුණා.
එය උපුටා ගනිමින් මෙරට ප්රමුඛ පෙළේ මාධ්‍ය ආයතනද ඒ සඳහා ප්‍රචාරයක් ලබා දී තිබුණි.
එහෙත් අලි රාජා සුභාස්කරන් මහතාගේ එවැනි කිසිදු සූදානමක් නොමැති බව අවධාරණය කරන බවයි ඒ මහතා සභාපතිත්වය දරණ සියලු සමාගම් අවධාරණය කරන්නේ.

