ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්වනවාට මහින්ද රාජපක්ෂ මහතා කැමති නැති බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.
පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස ධම්මික පෙරේරා මහතාත් අග්‍රාමාත්‍ය අපේක්ෂ ලෙස නාමල් රාජපක්ෂ මහතාත් නම් කරනු ඇති බවද ඔහු කියා සිටී.
නාමල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට තාම වේලාසන වැඩි බවත් ඔහු පෙන්වා දෙයි.
ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

