Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉන්දියාව හා ශ්‍රී ලංකාව යා කරමින් අලුත් පාලමක්

3 years ago

දකුණු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සම්බන්ධ කරමින් ගොඩබිම් මාර්ගයක් ඉදිකිරීම පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග සාකච්ඡා කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පල කරනු ලැබුවේ, යාපනය විශ්වවිද්‍යාල සිසුන් සමඟ යාපනය ජෙට්වින්ග් හෝටලයේ පැවති හමුවක් අමතමින්.

ජනාධිපතිවරයා සඳහන් කළේ, දකුණු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සම්බන්ධ කරමින් මන්නාරමේ සිට ඉන්දියාව දක්වා මෙම ගොඩබිම් සබඳතාවය ඇති කිරීම ගැන ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා පැවැත්වූ බවයි.

රටක් ලෙස කලාපීය සහයෝගීතාවය වැදගත් බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.