Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගුරුවරියගේ සාරි ප්‍රශ්නය මානව හිමිකම් කොමිසමට

3 years ago

සාරිය නොවන වෙනත් ඇඳුමකින් සැරසී මොඩියුල පුහුණුවක් සඳහා පැමිණි ගුරුවරියකට තර්ජනය කළ නිලධාරියාට එරෙහිව ලංකා ගුරු සංගමයේ නියෝජිතවරියන් පිරිසක් විසින් පසුගියදා මහනුවර මානව හිමිකම් කොමිසම් කාර්යාලය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ගුරු සංගමයේ නියෝජිත පිරිස විසින් ඉදිරිපත් කළ එම පැමිණිල්ලෙන් අනතුරුව එම සිදුවීම සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා වහාම පරීක්ෂණයක් සිදු කිරීමට මහනුවර මානව හිමිකම් කොමිසම් කාර්යාලය තීරණය කර තිබෙනවා.

ගිරාගම ගුරු මධ්‍යස්ථානයේදී පසුගිය 17වනද පැවැත්වුණු මොඩියුල පුහුණුව සඳහා ගුරුවරියක් සාරියකින් සැරසී නොපැමිණීම හේතුවෙන් ඇයට බැණ තර්ජනය කරමින් ගුරු මධ්‍යස්ථානයෙන් පලවා හැරීමට එහි සිටි මොඩියුල සම්බන්ධීකාරකවරයෙකු කටයුතු කර තිබුණා.