Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

sri lanka cricket board

විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා මූලික සංචිතය නම් කරයි

3 years ago

ලබන ජුනි මස 2 වැනිදා ඇමරිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කෙරෙන 2024 ලෝක කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා මූලික සංචිතය මේ වන විට නම් කර තිබෙනවා.

එම සංචිතය සඳහා ක්‍රීඩකයින් 25 දෙනෙකු නම් කර ඇති බවයි වාර්තා වන්නේ.

එම පිරිස මේ වනවිට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සිය පුහුණු වීම් ආරම්භ කර තිබෙනවා.

අයිපීඑල් තරගාවලිය සඳහා සහභාගී වී සිටින මතීෂ පතිරණ, නුවන් තුෂාර, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ සහ විජයකාන්ත් වියාස්කාන්ත් තවමත් සංචිතය සමග එක් වී නැහැ.

මීට අමතරව කලකට පසු නිරෝෂන් දික්වැල්ල සහ භානුක රාජපක්ෂ ශ්‍රී ලංකා පන්දුවාර 20 මූලික සංචිතයට කැඳවා තිබීම ද විශේෂත්වයකි.

භානුක රාජපකෂට ශ්‍රී ලංකා සංචිතය සමග එක්විමට අවස්ථාව ලැබී ඇත්තේ මාස 15කට පමණ පසුවය.

පන්දුවාර 20 ලෝක කුසලානයට පෙර මෙම සංචිතයේ සිටින ක්‍රීඩකයින් අතර පන්දුවාර 20යි විස්ස පුහුණු තරගාවලියක්ද පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.