මෙම වසරේ පැවැතවීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පස්වැනි අදියරේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා විදෙස් ක්‍රීඩකයින් 400කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති බව වාර්තා වනවා.
ක්‍රීඩකයින් ලියපදිංචි කිරීමේ අදියර එළැඹෙන සඳුදා දිනයින් අවසන් වීමට නියමිතය.
ලියාපදිංචි වන ක්‍රීඩකයින් අතරින් අවසන් ක්‍රීඩක වෙන්දේසිය සඳහා සවිධායකයින් විසින් ක්‍රීඩකයින් 150 දෙනෙකුගේ නම් තෝරා ගැනීමට නියමිතව තිබෙනවා.
දැනට ලියාපදිංචි වී ඇති ක්‍රීඩකයන් අතර පාකිස්ථාන කණ්ඩායම නියෝජනය කරන බාබර් අසාම්, ශහීන් ශා අෆ්‍රිඩි, නවසීලන්තයේ ජිමී නීෂම්, ටිම් සවුති සහ ඉෂ් සෝධි වැනි අන්තර්ජාතික 20යි 20 පිටියේ ප්‍රවීණයන්ද සිටින බවයි වාර්තා වන්නේ.
මෙවර තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය එළඹෙන මැයි 16 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිතයි.
එල්පීඑල් තරගාවලියේ පස්වන අදියර ජූලි මස 1 වනදා සිට 21 දක්වා පැවැත්වීමට සැලසුම් කට තිබේ.

