Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලංකා ප්‍රිමියර් ලීග්(LPL) තරගාවලියේ තරග පාවාදීමකට සැරසුණු ක්‍රිකට් ක්‍රීඩකයාට වසර පහක තරග තහනමක් පනවයි

3 years ago

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩක ඩෙවෝන් තෝමස්ට වසරක් පහක ක්‍රිකට් තහනමක් පනවා තිබෙනවා.

ඒ ජාත්‍යන්තරයක් ක්‍රිකට් කවුන්සලය විසින්.

ලංකා ප්‍රිමියර් ලීග්, අබුඩාබි T10 හා කැරිබියන් ප්‍රිමියර් ලීග් යන තරගාවලීන්ට අදාළව එල්ල වූ දෝෂණ චෝදනා පදනම් කර ගනිමින් මෙම තහනම පනවා තිබෙන බවයි වාර්තා වන්නේ.

2021 වසරේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී ඔහු කැන්ඩි වොරියර්ස් කණ්ඩායම නියෝජනය කිරීමේදී තරග පාවාදීමට උත්සාහ කළ බවට එල්ල වී ඇති චෝදනාව ඒ අතරින් ප්‍රධානතම චෝදනාව බවයි වාර්තා වන්නේ.

ඩෙවෝන් තෝමස් කොදෙව් කණ්ඩායම නියෝජනය කරමින් එක් ටෙස්ට් තරගයකට, එක්දින තරඟ 21කට හා විස්සයි 20 තරග 12කට සහභාගී වී තිබෙනවා.

ඔහුට පැනවූ වසර පහක තරග තහනම ඔහුට එරෙහිව තාවකාලික ක්‍රිකට් තහනමක් පැනවුණු 2023 වසරේ මැයි 23 වැනිදා සිට බලපැවැත්වෙන බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය නිවේදනය කරන්නේ.