Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

IPL තරගාවලියට සහභාගි වී සිටි මතීෂ පතිරණ , මහීෂ් තීක්ෂණ , දුෂ්මන්ත චමීර සහ නුවන් තුෂාර හදිසියේම ලංකාවට කැඳවයි

3 years ago

IPL තරගාවලියට සහභාගි වී සිටි මතීෂ පතිරණ , මහීෂ් තීක්ෂණ , දුෂ්මන්ත චමීර සහ නුවන් තුෂාර හදිසියේම ලංකාවට කැඳවා තිබෙනවා.

මේ බව පසුගියදා චෙන්නායි කණ්ඩායම හා පංජාබ් කණ්ඩායම අතර තරගයෙන් අනතුරුව පැවති මාධ්‍යය හමුවේදී චෙන්නායි කණ්ඩායමේ පුහුණු කරු ස්ටීවන් ෆ්ලෙමින්ග් මුල්වරට සඳහන් කළා.

ලබන මාසයේදී පැවැත්වෙන විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ වීසා වැඩ කටයුතු කිහිපයක් වෙනුවෙන් ඔවුන් මෙලෙස ලංකාවට කැඳවා තිබෙනවා.

එම වැඩ කටයුතු අවසන් වීමෙන් අනතුරුව ඔවුන් යළිත් ඉන්දියාව බලා පිටත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.