Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

භානුක රාජපක්ෂ කලකට පසු යළි ලකුණු අතරට! විශිෂ්ඨ ඉනිමක්!

3 years ago

විස්සයි විස්ස ලෝක කුසලානයට පෙර පුහුණුවක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන තුන්කොන්විස්සයි විස්ස තරඟාවලියේ SLC Green කණ්ඩායම සහ SLC Yellow කණ්ඩායම අතර තරඟය අද පැවැත්වුණි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් Greens කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 5ක් දැවී ලකුණු 252ක් රැස් කිරීමට සමත් විය.

කලකට පසු ලකුණු අතරට පිවිසි භානුක රාජපක්ෂ පිටිය සිසාරා පහර එල්ල කරමින් පන්දු 33කදී ලකුණු 88ක් රැස් කළේය.

ජනිත් ලියනගේද පන්දු 35කින් ලකුණු 70ක් රැස් කරමින් ඔහුට අනගි සහයක් ලබා දුන්නේය.

ලකුණු 253ක ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Yellow කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 153ක් පමණි.

ඒ අනුව Green කණ්ඩායම ලකුණු 99ක දැවැන්ත ජයක් හිමි විය.

පන්දු යැවීමේදී තරිදු රත්නායක කඩුළු 4ක් හා ලක්ෂාන් සඳකැන් කඩුළු 3ක් බිඳ හෙලීය.