2024 – 2025 මහ කන්නයේ වී ගොවීන් සඳහා ලබාදෙන පොහොර සහනාධාරය ඉහළ දැමීමට හා ධීවරයන්ට ඉන්ධන සහනාධාරයක් ලබාදීමට නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහා භාණ්ඩාගාරය වෙත පසුගිය (26) වනදා උපදෙස් ලබා දුන්නා.
නමුත් මේ වන විට මැතිවරණ කොමිසම මඟින් මෙම තීරණය මහමැතිවරණය අවසන්වන තෙක් අවලංගු කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය සෙනසුරාදා කොමිසම රැස්වු අවස්ථාවේ මෙම තිරණය ගෙන තිබෙන බවයි පැවසෙන්නේ.
මෙම පොහොර සහනාධාරය ලබා දීමේ කැබිනට් තීරණය පළමුවරට පෙර පැවති රනිල් වික්රමසිංහ මහතාගේ රජය විසින් ගනු ලැබූවක් වන අතර ජනාධිපතිවරණය හේතුවෙන් එවරද එම තීරණය අවලංගු කිරීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය.

