Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ප්‍රබල අකුණු ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

2 years ago

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු සම්බන්ධ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද අදාළ නිවේදනයෙන් දැනුම් දී තිබෙනවා.

අද (30) පස්වරු 1.00ට නිකුත් කළ මෙම නිවේදනය රාත්‍රී 11.00 දක්වා වලංගු බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඒ, අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව සහ වයඹ යන පළාත්වලත් අම්පාර, මඩකලපුව සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවලත් තැනින් තැන ගිඟුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු අත්වීමේ වැඩි ඉඩක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.