දකුණු අප්රිකාව සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්රිකට් තරගයේ ජයග්රහණය සඳහා ශ්රී ලංකාවට ලකුණු 348 ක ඉලක්කයක් හිමිව තිබෙනවා.
සිය දෙවැනි ඉනිම ක්රීඩා කළ දකුණු අප්රිකානු කණ්ඩායම ලකුණු 317 කට සීමා කිරීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් විය.
දකුණු අප්රිකානු මුල් පෙළ පිතිකරුවන් සාර්ථක ආරම්භයක් ලබාගත්තද ඉනිමේ අවසාන කඩුලු 5 ලකුණු 63ක් තුළ දවා ගැනීමට ශ්රී ලංකා පන්දු යවන්නන් සමත් විය.
ඉනිමේ වැඩිම කඩුලු ලාභියා බවට පත් වූ ප්රභාත් ජයසූරිය ලකුණු 129කට කඩුලු 5ක් දවාගැනීමට සමත් විය.
ඔහු කඩුලු 5 බැගින් දවාගත් 10වැනි අවස්ථාව වේ.
එමෙන්ම ටෙස්ට් වරම් හිමිකරගැනීමෙන් පසු මව්බිමෙන් පිටතදී කඩුලු 5ක අවස්ථාවක් සම්පූර්ණ කළ පළමු අවස්ථාව ද විය.
2022 වසරේ ටෙස්ට් වරම් හිමිකරගත් ප්රභාත් මේ වනවිට තරග 18ක ඉනිම් 34ක් ක්රීඩාකර කඩුලු 107ක් බිඳහෙලා සිටියි.
එම කඩුලු 5 දවා ගැනීමත් සමඟ ලෝක වාර්තාවක් සම කිරීමට ඔහු සමත් විය.
ඒ අනුව සිය පළමු ටෙස්ට් තරග 18 තුල, ඉනිමක කඩුලු 5 අවස්ථා 10ක් බිඳ හෙලූ ලොව 6 වන පන්දුයවන්නා බවට පත්වීමට ප්රභාත් ජයසූරිය සමත් විය.
පන්දුවට පහරදීමේදී නායක Temba Bavuma ලකුණු 66ක්ද, Aiden Markram ලකුණු 55ක්ද, Tristan Stubbs 47, David Bedingham ලකුණු 35ක්ද ලෙසින් කණ්ඩායමේ ඉහළම ලකුණු වාර්තා කිරීමට සමත් වුණා.
