ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමත් සමගම විශේෂ ජනාධිපති නියෝග කිහිපයකටම අත්සන් තබා තිබෙනවා.
ඔහු සිය ආරම්හක දේශනය සිදු කරමින් සඳහන් කර ඇත්තේ “අමෙරිකාවේ ස්වර්ණමය යුගය දැන් ආරම්භ වේ” යනුවෙනි.
ජනපති ධූරයේ දිවුරුම් දුන් සැණින් ට්‍රම්ප් ගත් ඇතැම් පියවර පිළිබඳව මේ වන විට ලොව පුරා විශාල කතාබහක් නිර්මාණය වී තිබෙනවා.
ජනපති ට්‍රම්ප් 2021 ජනවාරි 6 වන දින කැපිටල් ගොඩනැගිල්ල ආශ්රිත කෝලාහල සම්බන්ධයෙන් 1,600 පිරිසකට සමාවක් නිකුත් කර තිබෙනනවා.
ඔහුගේ විශේෂ ජනපති නියෝග යටතට, අමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වීමත් ඇතුලත්.
WHO හි ඉහළම පරිත්‍යාගශීලියා ලෙස ඇමෙරිකාව සැලකෙන අතර, අමෙරිකාව වසරකට ඩොලර් මිලියන 130ක් පමණ ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබා දෙන බවයි විදෙස් මාධ්‍ය පෙන්වන්නේ.
එමෙන්ම කාගේත් කතාබහට ලක්වූ ටික් ටොක් සමාජ මාධ්‍ය වේදිකාවට අදාලවත් ඔහු විශේෂ නියෝගයකට අත්සන් තබා ඇතත්, එහි අන්තර්ගතය මාධ්‍යට ප්‍රසිද්ධ කර නැහැ.
ඔහු ජනපතිවරණයට පෙර ප්‍රකාශ කළේ තමන් ජනපති වී පළමු පැය 24 තුළ යුක්රේන යුද්ධය අවසන් කරන බවයි. මේ පිළිබඳ මාධ්‍යවේදීන් ඔහුගෙන් විමසා තිබෙනවා. එහිදී ට්‍රම්ප් පවසා ඇත්තේ , තමන් පත්ව තවමත් ගතව ඇත්තේ දින භාගයක් නිසා, ඉතිරි දින භාගය තුළ වැදගත් තීරණය ගනු ඇති බවයි.
