Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගුවන් යානයක් ඇමෙරිකානු හමුදාවට අයත් හෙලිකොප්ටරයක ගැටීමෙන් දරුණු අනතුරක්

2 years ago

අමෙරිකානු ගුවන් සේවයට අයත් යානයක් වොෂින්ටන්හි රේගන් ජාතික ගුවන්තොටුපළට ආසන්න ඉහළ අහසේදී යුද්ධ හමුදාවට අයත් බ්ලැක්හෝක් වර්ගයේ හෙලිකොප්ටර් යානයක ගැටී අනතුරක් සිදුවී තිබේ.

එහිදී යානා දෙකම අසල පිහිටි පොටොමැක් ගංගාවට ඇදවැටී ඇති බව වාර්තා වේ.

අනතුර සිදු වන අවස්ථාවේදී මගීන් සහ කාර්ය මණ්ඩලය 64 දෙනෙකු ගුවන් යානයේ ගමන් කර ඇති අතර එය ගුවන්තොටුපළට, ගොඩබෑමට උත්සහ කළ අවස්ථාවේදී අමෙරිකානු හමුදා සෙබලුන් 3 දෙනෙකු රැගත් හෙලිකොප්ටර් යානයේ ගැටී තිබෙනවා.

එම අවස්ථාව වන විට අදාළ හෙළිකොප්ටර් යානය ගුවන්ගත වෙමින් තිබූ බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

විපතට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇත.

මේ අතර පවතින හදිසි අවදානම සලකා රේගන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ කටයුතු තාවකාලිකව මුළුමනින්ම අත්හිටුවා තිබේ.