අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙක්සිකෝවට හා කැනඩාවට 25% බැගින් හා චිනයට 10% ක් බැගින් තීරු බදු පනවා තිබෙනවා.
කෙසේ නමුත් කැනේඩියානු තෙල් සඳහා 10%ක අඩු තීරු බද්දක් පැනවීමක් සිදුවන බවත්, එය පෙබවාරි 18වනදා සිට ක්‍රියාත්මක වියහැකි බවත් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
එම මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ අනාගතයේදී යුරෝපා සංගමයටද තීරු බදු පැනවීමට ට්‍රම්ප් සැලසුම් කර ඇති බවයි.
පසුගිය වසරේ අමෙරිකාවට ආනයනය කරන ලද භාණ්ඩවලින් 40%ක් චීනය, කැනඩාව සහ මෙක්සිකෝවෙන් ආනයනය කර ඇති බවයි විදෙස් වාර්තා පවසයි.
ඒ අනුව මෙලෙස නව බදු පැනවීම ප්‍රධාන වෙළඳ යුද්ධයකට මුල පුරනු ඇති බවත් අමෙරිකාවේ භාණ්ඩ මිල ඒ හරහා ඉහළ යා හැකි බවත්, ජාත්‍යන්තර ආථරීක විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.
