Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වෙළඳ යුද්ධයකට මග පෑදූ ට්‍රම්ප්ගේ තීරණය දින 30කට රිවස් වෙයි

2 years ago

කැනඩාවට සහ මෙක්සිකෝවට පැනවූ තීරු බද්ද තාවකාලිකව අත්හිටුවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.

ඒ අමෙරිකානු ජනාධිපතිවරයා සහ මෙක්සිකානු සහ කැනඩාවේ ජනාධිපතිවරුන් සමග කළ සාකච්ඡාවකින් අනතුරුවය.

එම දුරකථන සංවාදය අතරතුරදී දේශසීමා ආරක්ෂාව වැඩි දියුණු කිරීමට සහ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීමට පියවර ගැනීමට මෙක්සිකෝව සහ කැනඩාව එකඟ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විදෙස් වාතථා සඳහන් කළේ මෙම රටවල් දෙක සඳහා අද සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ සියයට 25 ක තීරුබද්ද මාසයක කාලයක් මෙලෙස අත්හිටුවීමට තීරණය කර ඇති බවයි.

මෙක්සිකෝවෙන් සහ කැනඩාවෙන් ආනයනය කරන සියලුම ආනයන සඳහා 25%ක බද්දක් සහ චීන භාණ්ඩ සඳහා 10%ක බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය දා තීරණය කළේය.

එම නියෝගයත් සමඟ යුරෝපයේ සහ ආසියාවේ කොටස් වෙළෙඳපොළ පසුබෑමකටද ලක් විය.

මීට ප්‍රතිචාර ලෙස අමෙරිකානු ආනයන මත වහාම 25%ක බදු පැනවීමට මෙක්සිකෝව සහ කැනඩාව තීරණය කර තිබුණි.

ඒ අනුව අමෙරිකානු ඩොලර් බිලියන 155ක පමණ වන අමෙරිකානු ආනයන මත බදු පැනවීමට කැනඩාව සූදානම් වී තිබුණි.