Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ට්‍රම්ප්ගේ තීරණයක් නිසා මෙරට ව්‍යාපෘති රැසකටත් බාධා

2 years ago

සංවර්ධනය සදහා වන අමෙරිකා එක්සත් ජනපද නියෝජිත ආයතනය හෙවත් යු. එස්.ඒඩ් ආයතනය විසින් අරමුදල් සපයන විදෙස් ව්‍යාපෘති අත්හිටුවීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණය නිසා මෙරට බිම් බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලියට බලපෑම් එල්ල වී තිබෙනවා.

බිම් බෝම්බ පිළිබද ක්‍රියාකාරි ජාතික මධ්‍යස්ථානය කියා සිටියේ, බිම් බෝම්බ ඉවත් කිරීම සදහා වැයවන මුදලින් අඩක් පමණ සපයනු ලබන්නේ යු.එස්.ඒඩ් ආයතනය විසින් බවයි.

ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් පසුගිය මස 20 වනදා අත්සන් තැබූ විධායක නියෝගයට අනුව ඇමරිකාව විසින් අරමුදල් සපයන විදේශීය ව්‍යාපෘති දින 90 කට අත්හිටුවීමට නියෝග කෙරුණා.

ඒ අනුව යූ. එස්.ඒඩ් ආයතනය විසින් මෙරට තුළ ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති රැසක් අත්හිටුවා තිබෙනවා.