හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඊයේ (14) රෝමයේ අගොස්ටිනෝ ජෙමෙලි රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
මේ වනවිට 88 හැවිරිදි වියේ පසුවන ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බ්රොන්කයිටිස් රෝගය වැළඳීම හේතුවෙන් මෙලෙස රෝහල් ගතකර තිබෙන බවයි NBC පුවත් සේවය වාර්තා කරන්නේ.
රෝහල ගත කළ උන්වහන්සේ විශේෂඥ පරීක්ෂණවලට භාජනය වී මේ වනවිට ඖෂධීය ප්‍රතිකාර ආරම්භ කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
මේ අතර උන්වහන්සේ මෙලෙස රෝහල් ගත කිරීම හේතුවෙන් ඉදිරි දින තුන සඳහා යොදාගෙන තිබූ සියලු වැඩ කටයුතු අහෝසි කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන් වෙයි.
“මූලික පරීක්ෂණවලින් ශ්වසන ආසාදනයක් පෙන්නුම් කරයි. ඔහුගේ සායනික තත්ත්වය ස්ථාවරයි, සුළු උණක් ඇත.” යනුවෙන් සිකුරාදා සවස ශුද්ධාසනයේ මාධ්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
