කැනඩාවේ ටොරොන්ටෝ නුවරට ගොඩබෑමේදී ගුවන් යානයක් පෙරළී යාමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
එම අනතුරුන් 19 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතල බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.
අමෙරිකාවේ මිනසෝටා සිට කැනඩාව බලා පියාසර කළ ඩෙල්ටා ගුවන් සමාගමට අයත් මෙම යානය අනතුරට පත්වන විට මගීන් 76 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ සිව් දෙනෙකු ගමන් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
අදාළ ගුවන් යානය ගොඩබෑමට යාමේදී හිම කුණාටුවකට හසුවීමෙන් නියමුවන්ට එය පාලනය කර ගැනීමට නොහැකිව ගුවන් පථය තුළ පෙරළී ගොස් එම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
