Covid-19 වෛරසයට සමාන වන නමුත්, ඊට සාපේක්ෂව අඩු අවදානමක් ඇති නව වෛරසයක් පිළිබඳව චීනයෙන් තොරතුරු වාර්තා වනවා.
කෙසේ නමුත් HKU5-CoV-2 ලෙස හඳුනාගෙන ඇති මෙම වෛරසය, අනාගතයේදී පැතිරයාමට ඉඩක් ඇති බවයි චීන පර්යේෂකයන් විසින් අනතුරු අඟවා ඇත්තේ.
එමෙන්ම එය Covid-19 වෛරසය ක්‍රියාත්මක වූ ආකාරයට ම ක්‍රියාකරනු ඇති බව සඳහන්.
මෙම නව තත්ත්වය මඟින් ගෝලීය වසංගතයක් ඇති කරනු ඇත්දැයි යන්න සම්බන්ධවත් පර්‍යේෂණ සිදුවෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.
කෙසේ නමුත් මෙම වෛරස් තත්ත්වය වවුලන් ගහනය තුළින් හඳුනාගෙන ඇති නිසාවෙන් එය කොරෝනා වෛරසයේම ප්‍රාථමික මූලාශ්‍ර හා සම වන බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
එමෙන්ම රජයන් සහ සෞඛ්‍ය බලධාරීන් අනාගත වසංගත වැළැක්වීම කෙරෙහි අවධානය යොමු කරන බැවින්, මෙම සොයාගැනීම මගින් සත්ව විද්‍යාත්මක වෛරස් අධ්‍යයනය කිරීමේ වැදගත්කම ද අවධාරණය කරනු ඇති.
