අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය තරමක් බරපතළ වී ඇතැයි වතිකානය නිවේදනය කරයි.
පසුගිය සතියේ දී 88 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ශ්වසන මාර්ගය ආශ්රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කෙරූ අතර උන්වහන්සේගේ පෙනහැළි දෙකේම නියෝමෝනියා රෝගී තත්ත්වයක් වර්ධනය වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
පාප්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය ජීවිත අවදානම් මට්ටමක නොපවතින බව මීට දිනකට පමණ පෙරාතුව උන්වහන්සේගේ වෛද්‍ය කණ්ඩායම නිවේදනය කර ඇත.
එහෙත් ඊයේ දිනයේ දී දැරුණු ඇඳුම රෝගී තත්ත්වයකින් උන්වහන්සේගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය උත්සන්න වීමත් සමග වනවිට උන්වහන්සේගේ තත්ත්වය බරපතළ වී ඇති බවට වතිකානය නිවේදනය කරයි.
පාප්වහන්සේගේ ශරීරයේ රුධිර පට්ටිකා මට්ටම පහත යාමත් සමග උන්වහන්සේට රුධිරය ලබා දීමටත් සිදුව තිබුණි.
එමෙන්ම ශ්වසන අපහසුතා හේතුවෙන් ඔක්සිජන් ලබාදීමටත් වෛද්‍යවරුන් පියවර ගත් බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
තවද, නියුමෝනියා රෝගී තත්ත්වය වෙනුවෙන් කෙරෙන ප්‍රතිකාර ද තවදුරටත් ක්‍රියාත්මක යි.
මෙවන් පසුබිමක ලොව පුරා කිතුණු ප්‍රජාවගේ උත්තරීතර ආගමික නායකයා වන ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ සුවය පතා කිතුණු ප්‍රජාව යාඥා කිරීම් ආරම්භ කර තිබේ.
පාප්වහන්සේ සිය සෞඛය තත්ත්වය පිළිබඳව ජනතාවට විවෘතව දැනුම් දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලීම් කර ඇති හෙයින් වතිකානය උන්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වරින් වර නිවේදන නිකුත් කරයි.
