ඇමෙරිකා එක්සත් ජනපදයේ පුරවැසිභාවය ඩොලර් මිලියන 5ක මුදලකට අලෙවි කිරීමට පියවර ගන්නා බව අමෙරිකානු ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් පවසයි.
මෙම නව ක්‍රමය ‘ගෝල්ඩ් කාඩ්’ නමින් හඳුන්වාදීමට පියවර ගන්නා බවයි ට්‍රම්ප් පවසන්නේ.
ඩොලර් මිලියන 5ක ගාස්තුවකට අමෙරිකාවේ පුරවැසිභාවය ලබා ගන්නා පුද්ගලයින්ට එමඟින් අමෙරිකාව තුළ වාසය කිරීමට මෙන්ම රැකියා හා ව්‍යාපාර කිරීමේ අයිතියද හිමි වන බව ඔහු පවසනවා.
ජනාධිපති ට්‍රම්ප් පවසන්නේ සති දෙකකින් පමණ මෙම නව ‘ගෝල්ඩ් කාඩ්’ විකිණීමේ වැඩිපිළිවෙල ආරම්භ කෙරෙනු ඇති බවය.
ඇමරිකානු පුරවැසිභාවය නොමිලේ ලබා දීම වෙනුවෙන් මේ වන විටත් ‘ග්‍රීන් කාඩ්’ ලොතරැයිය ක්‍රියාත්මකයි.
