Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඔස්කාර් සම්මානලාභී නළු ජීන් හැක්මන්ගේ සහ බිරිඳගේ මළසිරුරු හමුවෙයි

2 years ago

ඔස්කර් සම්මානනීය නළු ජීන් හැක්මන් සහ ඔහුගේ බිරිඳ බෙට්සි අරකාවාගේ සිරුරු ඇමෙරිකාවේ නිව් මෙක්සිකෝ ජනපදයේ සැන්ටා ෆේ නුවර ඔවුන්ගේ නිවසින් හමුවුණු බව පොලිසිය පවසයි.

ජීන් හැක්මන්, 1970 දශකයේ අතිශය ජනප්‍රිය, ලොව ප්‍රකට හොලිවුඩ් නළුවෙකි. මියයනවිට, 95 වැනි වියේ පසුවිය.

ඔහු දෙවරක් ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලබා සිටියේය.

1971 දී තිරගත වුණු ‘ෆ්‍රෙන්ච් කනෙක්ෂන්, 1972 දී තිරගත වුණු ‘පොසයිඩන් ඇඩ්වෙන්චර්’, 1973 දී තිරගත වුණු ‘ස්කෙයා ක්‍රෝව්’, 1978 දී තිරගත වුණු ‘සුපර්මෑන්’ සහ 1992 වසරේ දී තිරගත වුණු ‘අන්ෆෝගිවන්’ යන චිත්‍රපට ජීන් හැක්මන්ගේ අතිශය ජනප්‍රිය චිත්‍රපට ලෙස සැලකෙයි.

ජීන් හැක්මන්, 2000 වසරේ දී හොලිවුඩ් රංගනයෙන් විශ්‍රාම ගියේය.

ඉන්පසු ඔහු බිරිඳ සමඟ සැන්ටා ෆේ නිවසේ අප්‍රකටව ජීවත් වූ බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ජීන් හැක්මන්, අවසන් වරට ප්‍රසිද්ධියේ පෙනී සිටියේ, 2024 වසරේ දී එක් අවස්ථාවකදී පමණි.

ජීන් හැක්මන්ගේ බිරිඳ බෙට්සි අරකාවා මියයනවිට 63 හැවිරිදි විය. ඔවුන් දෙදෙනාට අමතරව, නිවසේ සිටි ඔවුන්ගේ බලු සුරතලා ද මියගොස් සිටි බව පොලිසිය කියයි.

හැක්මන්ගේත් බිරිඳ අරකාවාගේත් මරණ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.