Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ධවල මන්දිරයට ගෙන්වාගත් යුක්‍රේන ජනපතිට දෙහි කැපූ ඩොනල්ඩ් ට්‍රම්ප්

2 years ago

යුක්රේනයේ ඛනිජ ද්‍රව්‍ය සම්බන්ධයෙන්, ඇමෙරිකාව සමඟ ගිනිසුමකට අත්සන් තැබීමට ධවල මන්දිරයට පැමිණි යුක්රේන ජනාධිපති ව්ලැඩ්මියර් සෙලෙන්ස්කිව උණුසුම් අයුරින් පිළිගැනීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කළේය.

පසුව, ධවල මන්දිරයේ ඔවල් කාර්යාලයේ දී ට්‍රම්ප් සහ සෙලෙස්කී අතරේ සාකච්ඡා පැවැත්වුණු අතර, ඇමෙරිකන් උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් ද ඊට එක් විය. ද

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ට්‍රම්ප් මැදිහත් වී සිටින අතර, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරද්දී, සෙලෙන්ස්කි, ට්‍රම්ප් සහ ජේ.ඩී. වැන්ස් උණුසුම් වාදයකට පැටලුණාහ.

එම උණුසුම් වචන හුවමාරුව හේතුවෙන් යුක්‍රේන ජනාධිපතිවරයාට ධවල මන්දිරයෙන් පිටව යන ලෙස දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම සැලසුම් කළ මාධ්‍ය හමුවක් ද හදිසියේම අවලංගු කර තිබෙනවා.

කෙසේවෙතත් ට්‍රම්ප් පවසා ඇත්තේ යුක්‍රේන ජනාධිපතිවරයා සාමයට සූදානම් වූ විට නැවත පැමිණිය හැකි බවයි.            

මේ අතර, අමෙරිකාව සහ යුක්‍රේනය අතර යෝජිත දුර්ලභ ඛනිජ ගිවිසුම අත්සන් කර නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.