අමෙරිකාව සමග ඕනෑම ආකාරයේ යුද්ධයකට සූදානම් බව චීනය පවසනවා.
යුද්ධය යනු එක්සත් ජනපදයට අවශ්‍ය දෙයක් නම්, එය තීරුබදු යුද්ධයක්, වෙළඳ යුද්ධයක් හෝ වෙනත් ඕනෑම ආකාරයක යුද්ධයක් වේවා, අපි අවසානය දක්වා සටන් කිරීමට සූදානම්..” යනුවෙන් වොෂිංටන්හි චීන තනාපති කාර්යාලය මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වැඩිවන වෙළඳ තීරුබදුවලට එරෙහිව ප්‍රතිප්‍රහාර එල්ල කිරීමෙන් පසු චීනය “ඕනෑම ආකාරයක” යුද්ධයකට සටන් කිරීමට සූදානම් බවට මෙලෙස එක්සත් ජනපදයට අනතුරු අඟවා තිබෙන බවයි එම මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන් වන්නේ.
ට්‍රම්ප් සියලු චීන භාණ්ඩ සඳහා වැඩි තීරුබදු පැනවීමෙන් පසු ලෝකයේ ඉහළම ආර්ථිකයන් දෙක වෙළඳ යුද්ධයකට සමීප වී තිබෙන බව ජාත්‍යන්තර දේශපාලනික විචාරකයින් පවසනවා.
මේ අතර මේ වසරේදී චීන රජයේ ආරක්ෂක වියදම් සියයට 7.2කින් ඉහළ නංවන බවට චීන අග්‍රාමාත්‍ය ලීක් කියෑන්ග් පසුගියදා ප්‍රකාශ කළේය.
